නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඊ.එම්.ඒ.පී.එල්.කේ. ඒකනායක මිය
මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පිහිට ඇති මප/තෙල්/ කරල්ලියද්ද කනිටු විදුමව් තුරුලෙහි සිසු සිසුවියෝ දහසකට අධික සන්කියාවක් අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටිති. අප විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසු පරපුරකට උරුමකම් කියන අතර ඔව්හු රටේ විවිධ ක්ෂේත්‍ර වල නියැලෙමින් ලක් මවගේ දියුණුව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරමින් සිටිති. එමෙන්ම රජයේ විභාග ප්‍රතිඵල හා විෂය සංගම් හා විෂය බාහිර සංගම් ක්‍රියාකාරකම් වලින් ජයග්‍රහණ ලබා ගනිමින් තෙල්දෙණිය කලාපයේ ප්‍රමුඛ පෙළේ පාසල් අතර වජබෙමින් සිටින පාසලක් බව ඉතාමත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමි. අප විද්‍යාලයේ තොරතුරු අංශය මෑතකාලීනව විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාලිය සිසු දරුවන්ගේ අතරින්ම නිර්මාණය වන සියලු කාර්යයන්ට අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමට මහත් සේ ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වේවායි විශ්වාස කරමි.
වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ සිට මෙම කාර්ය සාර්ථක කර ගැනීමට උරදුන් සැමට මගේ හදපිරි ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහපත් හැකියාවන් මෙන්ම අධ්‍යන කටයුතුද නිරතුරුවම දියුණු වේවයි ප්‍රර්ථනා කරමි.
ඊ.එම්.ඒ.පී.එල්.කේ. ඒකනායක මිය
නියෝජ්‍ය විදුහල්පති
කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය .





