විදුහල්පති පණිවිඩය
එස්.පී.ජී.බී. සේනානායක මයා
ඓතිහාසික කන්ද උඩරට දුම්බර මිටියාවතේ පිහිටි කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පිහිටි ජනප්‍රියත්වය හා ගෞරව අභිමානයෙන් යුතු වූ තක්සලාවකි. විෂය මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද විශිෂ්ඨ දක්ෂතාවන් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් ඉගෙනුම ලබන මෙම විද්‍යාලය වර්තමානයේ නව මානයක් ඔස්සේ දරුවන් යොමුකරවීමට සමත්ව ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය පසුගිය වසර තුළ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ඨයින් බිහි කිරීමට සමත්ව ඇත. එසේම එම ව්‍යාපෘති තුළින් දරුවන් නව නිපැයුම්කරුවන් ලෙස නව සොයා ගැනීම් බිහිකිරීමට සමත්ව ඇත. එසේම එම දරුවන් පාසලේ වෙබ් අඩවිය නිර්මාණය සඳහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ද දැනුම වර්ධනය කරගනිමින් පාසලට විශාල සහයෝගයක් ලබා දීම අගය කොට සලකමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියලු පාර්ශවයන්ට මෙම දරුවන්ගේ ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය සහයෝගය දක්වන ලෙසද ඉල්ලා සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උරදුන් සැමට මාගේ හෘද්‍යාංගම ස්තුතිය පිරිනමනමි.
එස්.පී.ජී.බී. සේනානායක මයා
විදුහල්පති
කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය.





